( තිලකරත්න දිසානායක)
ගම්පහ,දාරළුව කෙටවල අරමුණෙන් දියනෑමට පැමිණ සිටි සිසුන් හය දෙනකුට දැඩි ලෙස අවවාද කොට ඔවුන්ගේ මව්පියන් හට බාරදීමට බෙම්මුල්ල පොලිසිය පියවර ගත්තේය.
සිසුන් පිරිසක් කෙටවල අමුණ වෙත පැමිණ සිටිනු දැක ඇති පොලිස් නිලධාරීන් පිරිසක් මොවුන් පොලිස්ථානයට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී කොළඹ ප්‍රදේශයේ පාසලක 10 සහ 11 ශේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බව අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
මොවුන් පාසල් යන බව පවසා නිවෙස්වලින් පැමිණ අනතුරුව දුම්රියෙන් දාරළුව දුම්රිය ස්ථානයෙන් බැස කෙටවල අමුණ වෙත පැමිණ ඇති බවත් පොලීසිය කියයි.
මෙම කෙටවල අමුණ අසල දිය නෑමට ගිය කිහිප දෙනකුම දියේ ගිලී මිය ගොස් ඇති අතර පසුගිය 14 වෙනි දිනද කොළඹ ප්‍රදේශය ප්‍රධාන පාසලක 16 හැවිරිදි සිසුවකු මෙම අරමුණෙන් දියේ ගිලී මිය ගොස් තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd