(ඉන්දිකා රාමනායක හා මනේප්‍රිය ගුණසේකර)
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවා තිබු ගුවන් ගමන් තහනමක් ඉවත් කළ බවට ව්‍යාජ ලේඛණයක් සකස් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (13) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අධිකරණයෙන් පනවා තිබු ගුවන් ගමන් තහනම ඉවත් කළ බවට මහේත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කළ බවට සඳහන් ව්‍යාජ ලේඛණයක් ආගමන විගමන පාලකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කෙරුවාවල් අනුව ඔතන කාව විශ්වාස කරන්නද කියලා හිතාගන්න බැහැ.
හරියට හොයලා බැලුවොත් ඔයිට වඩා උඩ ඉන්න අයත් හොරු කියලා දැනගන්න ලැබෙන්නත් පුළුවන් වෙයි සමහරවිට..
තව කුමන කතාද?