(යොහාන් භාසුර)
කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම්හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයකු මරණයට පත්වී තවත් ශ්‍රි ලාංකිකයකු අතුරුදන් වී තිබේ.
මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නම් අයකු වන අතර, ඔහුගේ පුත්‍රයා විසින් සිරුර හඳුනාගෙන තිබේ. අබ්දුල් රසාක් ජමීල් නම් 60 හැවිරිදි පුද්ගලයකු ද මෙම අනතුර හේතුවෙන් අතුරුදන්ව තිබේ.
මෙම පුද්ගලයින් කටාර්හි සේවය ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි දෙදෙනකු බවත් මෙම අනතුර පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සදහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටව ගොස් ඇති බවත් තානාපති කාර්යාලය කියයි.
කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොලහකට අයත් සාමාජිකයන් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙන අතර තුවාලකරුවන් නව දෙනකු මේ වන විට කටාර්හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල කියයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කටාර්හි ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙක් ජීවිතක්ෂයට