(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළු වලින් සියයට 19ක් හා පළතුරු වලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා මෙලෙස පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේ දී විනාශ වන බව හෙළිදරව් වී ඇත.
ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනු වලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
2021 දී මෙලෙස ලංකාවෙි අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා කළ සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෝටියකට කන්න හැකි ආහාර 2021 දී විසි කරලා