
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් ජාවාරම් කිරීම සඳහා සුඛෝභෝගී මෝටර් රථයකින් පැමිණ සිටි පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු පිළියන්දල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රථ ගාලකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව විශේෂ කාර්ය බළකාය කඳවුරට අයත් බුද්ධි කොට්ඨාසයට අයත් නිලධාරීන් දෙදෙනෙකි.එම සැකකරුවන් සමග හොරයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 53 ක් අත් විලංගු යුවලක් ,විද්‍යුත්තරාධියක් , පොලිස් භාරයට ගෙන ඇත.
35 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයා හොරයින් ජාවාරමට ආධාර අනුබලදීම සහ 32 හැවිරිදි කොස්තාපල්වරයා හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.