(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් නවීන සුභෝපභෝගි මෝටර් රථයකින් හම්බන්තොට සිට මීගමුව බලා රැගෙන එමින් සිටි ජාවාරම්කරුවකු මීගමුව කුරණ ප්‍රදේශයේ දී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
හම්බන්තොට පදිංචි (38) හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ග්‍රෑම් 700 යි මිලි ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සහිත පාර්සලයක් තිබු බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සැකකරු කාලයක පටන් සිය මෝටර් රථයෙන් හම්බන්තොට සිට මීගමුවට මත්කුඩු ප්‍රවාහනය කරන බවට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු පෙරේදා (31 )සවස 6.00 ට පමණ මෙම සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව උසස් සුරාබදු නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරු හෙරොයින් තොගයක් රැගෙන මීගමුව පැමිණෙන බවට ලැබුණ තොරතුරක් අනුව සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා පස්වරු 6.00 ට පමණ
අත්අඩංගුවට ගත් සැකකරු අද (1) පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .
ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව
ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්
ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.
ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත
ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෝටියක මත්කුඩු මීගමුවෙන් අල්ලයි