(බී. ජී. චතුරංග)
රුපියල් කෝටියකට ආසන්න කේරළ ගංජා තොගයක් උතුරේ සිට අනුරාධපුරයට රැගෙන ආ පුද්ගලයින් දෙදෙනකු ගංජා සහ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොලේජ් පාර පේදුරුතුඩුව, කාත්තන්කුට්ටි කරවෙඩ්ඩි දකුණ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 19 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ දිගු විමර්ශනයකින් අනතුරුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, මන්නාරම උප ඒකකයේ උප පොලිස් පරීක්ෂක වරුණ චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩා පිටිය අසලදී සිදු කළ වැටලීමකදී එම කේරල ගංජා තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව කාර්යාංශය පවසයි.
වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් අනුරාධපුර නගරයට පැමිණ සිටි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී, එම මෝටර් රථය තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ කේරල ගංජා අඩංගු පාර්සල් 15ක් සොයා ගත් බවත්, ඒ තුළ තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 29 සහ ග්‍රෑම් 901ක ප්‍රමාණයක් හමුවූ බවත් පොලිසිය සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කෝටියක කේරළ ගංජා සමඟ දෙන්නෙක් අල්ලයි