
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .
ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද පස්වරු 04.10ට ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන් යානය , මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය අද (28) පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ බවට තමන් වෙත වාර්තා වූ සැනින් , මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත යොමු කරන බව මත්තල ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපිට අතිරේක ගුවන් තොටුපලක් නොතිබුණා නම්? පලයන්කෝ චෙන්නායිවලට... ජෙප්පෙක් එහෙම හිටියේ නැද්ද ප්ලේන් එකේ? හිටියත් වැඩක් නැහැ. අධිවේගී මාර්‍ගයේ 100 යන ගමන් අධිවේගී මාර්ගය ඉදි කළාය බනින ගොයියෝ...