(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද (28) පස්වරු 04.00 සිට ඇදහැලෙන තද වැසි සහ අකුණු ගැසීම් සහිත අයහපත් කාළගුණික තත්වය නිසා , කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .
ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද පස්වරු 04.10ට ගොඩ බැස්සවීමට පැමිණෙමින් තිබූ ෆිට්ස් එයා ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන් යානය , මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ .
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 143 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටි අතර ඔවුන් රැගත් මෙම ගුවන් යානය අද (28) පස්වරු 05.00 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවූ බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ කාළගුණික තත්වය යහපත් වූ බවට තමන් වෙත වාර්තා වූ සැනින් , මෙම ගුවන් යානය යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත යොමු කරන බව මත්තල ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කටුනායකට ආ ගුවන් යානය මත්තලට ගොඩබස්වයි
Bamunuarachchi Saturday, 29 April 2023 11:55 AM
කොහොමද අපිට අතිරේක ගුවන් තොටුපලක් නොතිබුණා නම්? පලයන්කෝ චෙන්නායිවලට... ජෙප්පෙක් එහෙම හිටියේ නැද්ද ප්ලේන් එකේ? හිටියත් වැඩක් නැහැ. අධිවේගී මාර්‍ගයේ 100 යන ගමන් අධිවේගී මාර්ගය ඉදි කළාය බනින ගොයියෝ...
LallaSaturday, 29 April 2023 07:51 PM
මයිනාගේ හෙන්චයියෙක්. ඕක හදන්න වියදම තමුන්ගේ පෞද්ගලික ධනය නම් අපට කමක් නෑ. ඒත් ඒ නාස්තිකලේ මහජන මුදල් නොවේද?