
(විනීතා එම් ගමගේ)
මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජීවිතය පිදූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ඊට එරෙහිව ඉදිරියට ඒම වැළැක්විය නොහැකි වනු ඇතැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.
රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කිරීමට සූදානම්වන මෙම මස් සැකසීමේ කම්හල රටට සිදුකෙරෙන බරපතල අපචාරයක් යැයි ද උන්වහන්සේ කීහ.
සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද(17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.
ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව ලැබෙනු ඇතැයි කී සෝභිත හිමියෝ මේ කටයුත්තේ අරමුණ කුමක් දැයි විමසිය යුතුව ඇතැයි ද කීහ.
මෙවැනි ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් හදන්න යන බව තමන් නොදන්නා බවත් මුල්ගල් තැබු බවක් හෝ ලාබ යන්නේ කාගෙ අතට යන්නේ ද යන්න හෝ නොදන්නේ යැයි ද කී උන්වහන්සේ මෙයින්සිදුවන විවිධ හානි හා අපකීර්තිය සැළකිල්ලට ගත යුතුයැයි ද කීහ. ජනතාවට මේ ගැන සෙවීමේ අයිතියක් ඇතැයි ද අනුනායක හිමියෝ පැවැසූහ.
මීට මාස තුනකට කලින් ගව ගාතනය නතර කරන බව අගමැතිවරයා කී බවත් සාදුකාර දීජනතාව එය පිළිගගත් බවත් කැබිනට්ටුව එය පිළිගත් බව දැනගෙන සියලු දෙනා සතුටු වුණ බවත් කී උන්වහන්සේ සුලු කාලයක් ගත වන විට එය ටිකක් පස්සට දමන බව අගමැතිවරයා කී බවත් සිහි කළේය.නමුත් ගව ඝාතනය තහනම් කර ගැනීමට ඇතිවුවමනාව නිසා විහාරස්ථාන 12300 ක් ලියුම් ලිව්වා. ගව ඝාතන විරෝධී එකමුතුව සමග මේ පෙත්සම ජනාධිපතිවරයාට භාර දෙන්න යන්න ඕනකම තිබුණත් කොරෝනා නිසා බැරි වූ බවත් හෙළි කළ උන්වහන්සේ දින කිහිපයක් ගත වෙද්දී ඕපපාතිකව මස් සපයන තැන කටුනායක පිහිටුවන්නට සූදානම් වනු දැකිය හැකිවූ බව ද කීහ.
අගමැතිතුමාට එරෙහි බලවේගයක් ඇවිත්ඇතැයි සිතන බවත් තමන් ඇතුළු පිරිස අගමැතිතුමන් සමඟ සිටින බවත් පැවසූ සෝභිත හිමියෝ අහිංසක සතුන්ගේ මස් ගන්නා ඝාතකාගාරයක් මේ රටේ පිහිටුවන්න තමන් ඉඩ නොතබන්නේ යැයි ද පැවැසූහ.මේ ක්‍රියාකලාපයට තමන් විරැද්ධ යැයි ද එක හාමුදුරු නමක් මේ ගව ඝාතනයට එරෙහිව ගිනි තබා ගත්තේ යැයි ද රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රීඩා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙය සිදුව ඇතැයි ද කී උන්වහනසේ මෙය අපචාාරයක් යැයි ද පැවසූහ.
එදා ජීවිතය පුජාකල ඉන්ද්‍රරතන හිමියන් කීදේ අමතක නොකරන්නැයි ද එවැනි ජීවිත පරිත්‍යාග කරන තවත් ස්වාමින් වහන්සේලා සිටින්නේ යැයි ද පැවසූ සෝභිත හිමියෝ මේ ගමනට විරුද්ධව ගියොත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි හිමියන් තවත් දකින්නට සිදුවනු ඇතැයි ද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පරක්කු වැඩි නැද්ද අපේ හාමුදුරුවනේ...? අපි ඉතින් හැමදාම ගේට්ටු වැහුවේ අශ්වයා පැනලා ගිහින් කාලාන්තරයකට පස්සෙනේ...
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේලා සමග මමත් එන්නෙමි. තෙරුවන් සරණයි..!!!
මට හිතෙනවා මේ මස් කඩ කතාව ටික දවසකට මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න ගෙනාව මරිසියක් කියලා. මිනිස්සුන්ව අවුස්සලා අවුස්සලා අන්තිමට ලොකු පබ්ලිසිටියක් එක්ක අපි මේක නැවැත්තුවා කියලා ලකුණු ගොඩක් දාගනියි.
නාමල් මස්, මාළුවර්ග කන්නත් නැතිලු. එහෙමනම් මේ වැඩේ හරිද?
මේ රටේ මොකුත්ම කරන්න ඉඩදෙන්නේ නැහැනේ...
හැම දේකටම විරුද්ධ වීම ලෙඩක් බවත්, චීවරය එයට ලයිසන් එකක් ලෙස නොසිතිය යුතු බවත්, රට සංවර්ධනය සඳහා කවුරු බලයේ සිටියත් කළ යුතු දෙය කළ යුතු බවත් මතක තබා ගත යුතුයි...
ඔව් මේක හොඳ අදහසක්... නොමනා ක්‍රියාවනුයි, මස් මාළු ගිලින එකයි වෙහෙර විහාරස්ථානවලින් නතර වුණොත් අපේ බුද්ධ ධර්මය සදාකාලික බවට පත්වෙයි. සිල්වත් ස්වාමීන් වහන්සේලා බවට පත්වෙයි. සාදු...සාදු...!!!
මස් සැකසුම් කර්මාන්ත ශාලාවක් යනු ගව ඝාතනාගාරයක් නොඑව්න්න පුළුවන් නේද? මේ අවස්ථාව අපි අත්හැරියොත් ගව ගාතනය අඩුවෙන්නේ හෝ නැවතීම හෝ සිදු නොවේ. ඒ අවස්ථාව වෙනත් රටකට යන එකයි සිදුවෙන්නේ. ඒ නිසා මෙහිදී ගව ඝාතනයක් සිදුවෙනව්දැයි නිසියාකාරව සොයා බැලීම කලයුතුයි.
එක පාරක් ඇමෙරිකන් කාරයෙක් ගේන්න පෙරට ඇවිල්ලා කරපු විනාශය හොදටම ඇති. දැන් බණක් භාවනාවක් කරගෙන ඉන්න.
මොනවද මෙ සෝබන ... මස් සැකසීම වෙන්නේ සතුන් ඝාතනය කිරීමෙන් පසුවනේ.. මෙ හිමිවරු පෙරට එන්න ඔනෙ සත්ව ඝාතන නවත්වන්න. ඒකට කොන්ද පණ මදිද?
කොරෝනා නිසා මෙ දවස්වල පන්සලට යනඑන කට්ටිය අඩුවෙලා සම්මාදම් එහෙමත් බිංදුවටම බැහැලා වගේ. පටන්ගන්න... පටන්ගන්න අපිත් සම්මාදමට කීයක් හරි එවන්නම්...
බුදුහාමුදුරුවෝ වැඩසිටි පන්සලක් අසලත් මස් මරන්නෙක් සිටියලු.. නමුත් බුදුහාමුදුරුවෝ කවදාවත් ඔහුට විරුද්ධව උපවාස කිරීම්, සටන් කිරීම් කර නැහැ. බුදුහාමුදුරුවෝ කාලේ නිවැරැදි මාර්ගය පෙන්වා දෙන එක නේද අපේ හාමුදුරුවනේ...?
ඕස්ට්රේලිවයාවේත් ගවයින් ඇතුළු සතුන් ඇතිකරන හා මස් සකසා පිටරට යවන රටක්. මේ රට කිසිම අපචාරයකට පත්වෙලාත් නැහැ. අපේ හාමුදුරුවරුත් හරි කැමැතියි මෙහෙ ඕස්ට්‍රේලියාවට ඇවිත් ධර්මය දේශනා කරන්න.
අපේ හාමුදුරුවනේ, ලෝකේ මස් ඉල්ලුමෙන් 10% සපුරන්න තරම් සපයන්න මස් ලංකාවේ නැහැ. එකත් හරියට ලී නැතිව තුනී ලෑලි කර්මාන්ත ශාලාවක් හැදුවා වගේ හිටීවි. එමනිසා විශේෂයෙන් හරක් හා ඌරු මස් පිටරටින් ගෙවන්න වේවි... කුකුළුමස් කර්මාන්තය නම් ලංකාවේ කෙරී ගෙනයනවා. ලංකාවට ආර්ථික වාසියක් වෙන බව ඇත්ත... හැබැයි තම්බිලා මේ වැඩේට අත දැම්මොත් කොහෙන් නවතීද කියන්න බැහැ. පන්සල් ඉස්සරහත් මොවුන් මස්කඩ දාවි. එහෙව් අසමත් ජාතියක්. කොහොම වුණත් මුස්ලිම් කෙනෙක් හැරෙන්න බෞද්ධයෙක් ඔය මස් ජාවාරමට සම්බන්ධ වෙන එකක් නැහැ...
ඔබ වහන්සේ කුමක් කරන්නද? නිකන් කට්ටිය අවුස්සන්නේ නැතිව ඉන්න.
අපේ හාමුදුරුවනේ දානෙට වැඩම කරලා මස් වළදනවා නේද?
රාජ්‍ය පාලනයට ආගම පටලවා නොගත යුතුය. දියුණු බටහිර රටවල, ආගමිකයන් ආගම් අදහති. රාජ්‍ය පාලනයට ඇගිලි නොගසති. එහෙයින් කල යුතුව ඇත්තේ රජයට ආර්ථිකය මෙහෙයවීමට ඉඩදී ආගමිකයන් තමන්ගේ ආගම් අනුගමනය කිරීමයි සැබෑ ප්රජාතන්ත්රවාදය එයයි...
කිරි දෙනුන් වදන පිරිමි සතුන්ගේ බර දරන්න ගොවියට බැරි නිසා කිරි ගව පාලනය ද බිද වැටෙන බව නොතේරෙන තරමක්...
පිරිමි හරක් පැටවු පොඩි කාලෙම හොරෙන් පන්සලට ගිහින් දාමු.
අනේ යන්න. ඔයා දෙන්න රාජ්‍ය පාලනය.. ඔබවහන්සේලා බණ කියන්න. නැතිනම් රටට වෙලා තියෙන හෙණ වලට ඔබවහන්සේලාත් කොටස්කාරයෝ..!!
"පිරිමි හරක් පැටවු පොඩි කාලෙම හොරෙන් පන්සලට ගිහින් දාමු. " ඔව්, එක ඒ හැටි අමාරු වෙන එකක් නැහැ. මතකද අර අලි පැටියෙක් පන්සලට ගෙනත් දාලා යනකන් දැක්කේ නැති හාමුදුරු නමකුත් හිටියනේ...
චුන්ද සූකරට විරුද්ධව බුදුන් වහන්සේත් ඔහොම කිව්වාද හාමුදුරුවනේ? දැනටත් දිනපතා කුකුල් මස් කිලෝ ලක්ෂ ගාණක් අප රටේ සැකසෙන බව ඔබ වහන්සේ දන්නේ නැද්ද?
නරකද හාමුදුරුවො ටික ගෙදර ගෙනල්ලා තියාගත්තා නම්...?
අපේ ගමෙ පින්කමකට පන්සලේ දායකයා එක සැරයක්... මම කුකුළන් 12ක් උයලා දුන්නා. ඉන් පස්සෙ මම පන්සල් යන එක නැවැත්තුවා. අදටත් පන්සලේ හාමුදුරුවෝ මට දොස් කියනවා වැඩක් නැති මිනිස්සු කියලා. මෙකද ධර්මය? වැඩක් බලාගෙන බණක් කියාගෙන ඉන්න බොරු නැතිව...