
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක ගුවන්තොටුපල පොලීසියේ අත්අඩංගුවේ සිටියදී මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරු මුදාගෙන රැගෙන ගිය බව කියන හිමිවරුන් දෙදෙනා හා මෝටර් රථ රියදුරු හෙට්ටිපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කියයි.
සැකකාර හිමිවරුන් එම සිද්ධියට පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය විහාරයක විහාරාධිපති හිමි නමක ඇතුළු තිදෙනෙකි.
වයස අවුරුදු 11ක සාමණේර හිමි තම ආරක්ෂාව සඳහා පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෝටර් රථය තුළ තිබී ඩුබායි රටට පලා යාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද කෙරුවාව...?
නිර්මල බුදු සසුන බැබලේවා තමයි ඉතින්...අනේ මගේ කට...නායක හිමිපාණන් වහන්සේලා මේවගේ අය ගැන ගන්නා පියවර බකන් නිලාගෙන ඉන්න එකද ?
මුලින් කීවේ බොරුවට සිවුරු දා ගත් දෙන්නෙක් කියලා