
( තිළිණි ද සිල්වා )
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
ජපන් - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ බී පැකේජ ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුළුමුදල රුපියල් බිලියන 6.1ක් වන බවද එම අමාත්‍යාංශය පේනවා දේ.
මෙමගින් දැනට මිලියන හයක් වන කටුනායක ගුවන්තොටුපළේ වාර්ෂික මගින් හැසිරවීමේ ධාරිතාවය සමස්ථ ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මගීන් මිලියන පහළොවක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය.
2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්හුවා අබේ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය .
යහපාලන රජය සමයේ අත්හැර දමා තිබූ මෙම ව්‍යාපෘතියේ ඒ පැකේජයේ ඉදිකිරීම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්වීමත් සමගම සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් යළි ආරම්භ කිරීම සඳහා කටයුතු කෙරුණ අතර ඉදිකිරීම් මන්දගාමීව සිදුකෙරුණු බී පැකේජයේ ඉදිකිරීම් කඩිනම් කිරීමටද පියවර ගැණිනි.
නව ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ඉදිකර අවසන් වනවිට ගුවන් තොටුපලේ ගුවන් යානා නැවැත්වීමේ අංගන 49ක් දක්වා වැඩිවන අතර එමගින් දැනට පවතින ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයක් වනු ඇත .
බී පැකේජය යටතේ දුරස්ථ අංඟනය නිම කිරීමෙන් අනතුරුව දැනට පවත්නා අංගනය වර්ග මීටර් 269000 සිට වර්ග මීටර් 479000ක් දක්වා පුළුල් වී අපේක්ෂිත ඉල්ලුමට සහ ගුවන් යානා මෙහෙයුම් වළට ඉහල පහසුකම් සැලසෙන බවද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
රුපියල් බිලියන 100 ක වියදමින් සිදු කෙරෙන කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ සමස්ථ ව්‍යාපෘතිය අවසන් වන විට පිරික්සුම් කවුළු 53 සිට 149 ක් දක්වා වැඩිවන අතර විගමන කවුළු සංඛයාව 21 සිට 53 ක් දක්වාත් ආගමන කවුළු සංඛ්‍යාව 27 සිට 83ක් දක්වාත් වැඩි කෙරේ.
නව ව්‍යාපෘතිය යටතේ ගුවන්තොටුපළේ ඇතිවන හදිසි ගංවතුර ඵලදායි ලෙස පාලනය කළ හැකි වන පරිදි ඉදිකර ඇති ජල රැඳවුම් පොකුණු මගින් භූගත ජලය ස්ථානගත කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන කාලයේ කිසිම වසංගතයක් නැතුව නිකන්ම රට කාලකන්නි වුණා. අපරාදෙ ඒ අවුරුදු 5.
මොකට ඔය කටුව අල්ලගෙන දඟලනවද? අර තියෙන්නේ හම්බන්තොට එකක්... ඒක මදිද?
මොනවා කළත් කමක් නැහැ... පස්සේ ගෙවාගන්න බැරුව විකුණන්න වෙන වැඩනම් කරන්න එපා.
යහපාලනය සියඹලා ගෙනල්ලම නැද්ද ?ඕකත් අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමක්.. මේ වාර්තා පල කරනකොට ඒවායේ ඉතිහාසය ගැනත් විමසලා ඒ විස්තර පළකිරීමට පුවත් වාර්තා කරුවන් සාධාරණ වියයුතුය . යහපාලනය කාලේ මේ වැඩේ නැවැත්වීමට කටයුතු කලා කියන එක අමූලික බොරුවක් ..කැබිනට් අනුමැතිය අරගෙන මේ වැඩේ කරගෙන ගියේ ඒ අය... මේකත් තව කැලණි පාලමක්....මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර හෙට අඅනිද්දා විවෘත කරන්නෙත් ඔය බොරුවම කියලා තමා ....