
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කටාන ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති හැත්තෑ දෙහැවිරිදි වියේ පමණ පසුවන පීටර් හපුආරච්චි මහතා පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල්වත්තක මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර තිබියදී සිරුර අද (28) සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පිට හපුආරච්චි මහතා ඔහුට අයත් ඉඩමේ පොල් කැඩීම සඳහා ඊයේ උදේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි එම ඉඩමට ගොස් සිට ඇත
වත්තේ කඩන ලද පොල් තොගයෙන් කොටසක් පොල් මුදලාලි කෙනෙකුට විකුණා ඇති අතරඑම පොල් මුදලාලි ඉතිරි පොල් තොගය රැගෙන යෑමට අද වත්තට පැමිණ ඇතැයි පොලිසිය කියයි
පීටර් හපුආරච්චි මහතා පෙනෙන්නට නොසිටි නිසා විපරම් කර බැලීමේදීඔහු මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත
පොල් වත්තේ මුරකරු ලෙස සිටි පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පීටර් මහතාගේ ඝාතනයෙන් පසු අතුරුදන්ව සිටින බවද පොලිසිය කියයි
දිනයේ පොල් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ මෙම අඹුසැමි යුවළ මුර මඩුවේ සිටි බවට පොල් ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇතැයි කියති
අතුරුදහන්ව සිටින මෙම අඹුසැමි යුවළ වත්තේ වැඩට මෑතකදී පැමිණ ඇති අය බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි
පීටර් හපුආරච්චි මහතා ඝාතනය කිරීමෙන් පසු මෙම අඹුසැමි යුවළ පලා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි
පලාගිය අඹුසැමි යුවළ ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත
වනාතවිල්ලුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පළා දිය අඹු සැමි යුවල අත් අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නහින දෙහින වයසේ ධන තණ්හාවට ගිහිල්ලා කරගත් විපතක්. අන්අයට පාඩමක්...