IMG-LOGO

කටාන ප්‍රා.සභා හිටපු උප සභාපති ඝාතනය කරයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කටාන ප්‍රාදේශීය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති  හැත්තෑ දෙහැවිරිදි වියේ පමණ පසුවන පීටර් හපුආරච්චි මහතා පුත්තලම වනාතවිල්ලූව ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් පොල්වත්තක මුර කුටිය තුල අත් පා ගැට ගසා ඝාතනය කර තිබියදී සිරුර අද (28) සොයා ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පිට හපුආරච්චි මහතා ඔහුට අයත් ඉඩමේ පොල් කැඩීම සඳහා ඊයේ උදේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි එම ඉඩමට ගොස් සිට ඇත

වත්තේ කඩන ලද පොල් තොගයෙන් කොටසක් පොල් මුදලාලි කෙනෙකුට විකුණා ඇති අතරඑම පොල් මුදලාලි ඉතිරි පොල් තොගය රැගෙන යෑමට අද වත්තට පැමිණ ඇතැයි පොලිසිය කියයි

පීටර් හපුආරච්චි මහතා පෙනෙන්නට නොසිටි නිසා විපරම් කර බැලීමේදීඔහු මුර කුටිය  තුල අත් පා ගැට ගසා ඝාතනය කර තිබෙන අයුරු දැක ඒ බව පොලිසියට පැමිණිලි කර ඇත

 පොල් වත්තේ මුරකරු ලෙස සිටි   පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පීටර් මහතාගේ ඝාතනයෙන් පසු අතුරුදන්ව සිටින බවද පොලිසිය කියයි

දිනයේ පොල් රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ මෙම අඹුසැමි යුවළ මුර මඩුවේ සිටි බවට පොල් ව්‍යාපාරිකයා පොලීසියට පවසා ඇතැයි කියති

අතුරුදහන්ව සිටින මෙම අඹුසැමි යුවළ වත්තේ වැඩට මෑතකදී පැමිණ ඇති අය බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි

පීටර් හපුආරච්චි මහතා ඝාතනය කිරීමෙන් පසු මෙම අඹුසැමි යුවළ පලා යන්නට ඇතැයි පොලිසිය සැක කරයි

පලාගිය අඹුසැමි යුවළ ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත

වනාතවිල්ලුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පළා දිය අඹු සැමි යුවල අත් අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)



අදහස් (1)

කටාන ප්‍රා.සභා හිටපු උප සභාපති ඝාතනය කරයි

Lalla Saturday, 29 April 2023 07:47 PM

නහින දෙහින වයසේ ධන තණ්හාවට ගිහිල්ලා කරගත් විපතක්. අන්අයට පාඩමක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 210 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 718 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1130 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site