
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව පොලිස් වසමේ සිදු කළ හදිසි වැටලීමකදී ,හෙරොයින්, ගංජා, අයිස් සහ නීති විරෝධී මත්පැන් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6300 , ගංජා ග්‍රෑම් 2000, හෙරොයින් මිලිග්‍රෑම් 260 ,කසිප්පු මිලිලීටර් 750 පොලිස් බාරයට ගනු ලැබ තිබේ.
මේ අතර අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකිව කොට්ටාව පොලිස් පොලිස් වසමේ රැඳී සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිද්දමුල්ල , පිටකෝට්ටේ, හෝමාගම, පන්නිපිටිය සහ හෝකන්දර ප්‍රදේශවල පදිංචි 30-50 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd