
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය පළුගස්වැවයාය ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක කෑලවකින් හමුවු මෙරට නිශ්පාදින ගිනි අවිය හා උණ්ඩ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිළධාරින් අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය පළුගස්වැවයාය හා පුත්තලම කුරුණෑගල මාර්ගයෙ තුනේ කනුව පදිංචිකරුවන් දෙදෙනෙකී.
අදාල ගිනි අවිය හා උණ්ඩ තොගය අදාල පුද්ගලික ඉඩමේ ලී කැපිමට ගිය අයකු විසින් දැක මේ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබුණි. අදාල ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් කෑලැ ප්‍රදේශයේ සගවා තිබු සුදු යකඩින් මෙරටදී නිෂ්පාදීත පිස්තෝලයක් හා ටී 56 උණ්ඩ 13 ක් සොයා ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd