
(චමිල් රූපසිංහ සහ ෂේන් සෙනවිරත්න )
කටුගස්තොට මැණික්කුඹුර වත්තේ නිවසක ඇති වු ගින්නකින් එහි සිටි පියා,දියණිය හා ඇගේ පෙම්වතා බව කියන අයෙකු නිවස තුළම පිළිස්සී මියගොස් ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.
මෙම ගිනි තැබීම, මිය ගොස් සිටින දියණියගේ පෙම්වතා බව කියන පුද්ගලයාම සිදු කර ඇතැයි පොලීසිය සැකකරයි.
ගින්නෙන් මියගොස් ඇති ඊෂ්වරදේවන් නැමැති පියා කටුගස්තොට නගරයේ රණවන මාර්ගයේ බුලත් විට අළෙවි කරමින් ජීවිකාව ගෙන ගොස් තිබේ .
බරපතල පිළිස්සුම් තුවාල ලද කාන්තාවක් ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය පිළිස්සී මියගිය දියණියගේ මව බවට හඳුනාගෙන ඇත.
තහඩු වලින් ආවරණය කළ ඉතා කුඩා නිවසක මෙම පිරිස ජීවත්ව ඇති අතර.ගින්න පැතිර යනු දුටු ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී නිවසේ දොරක් විවෘත කර රාණිඅම්මා නැමැති මව බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.
කටුගස්තොට පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd