(යොහාන් භාසුර)

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සහ එහි උප සභාපති ප්‍රින්ස් ගුණසේකර මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී ‘රූපවාහිනිය’ ලකුණින් ස්වාධීන කණ්ඩායමකින් තරග කිරීමට නාමයෝජනා භාර දුන්නේය.

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ වසර 30 කට ආසන්න කාලයක් අපරාජිත මන්ත්‍රීවරයෙක් වන ප්‍රින්ස් ගුණසේකර මහතා සමග එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී විජිත රත්නායක මහතා ද ස්වාධීන කණ්ඩායමෙන් තරග කරයි.

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 6 ක් මෙවර මැතිවරණයේදී එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් නොවීම විශේෂත්වයකි.