( ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි හයකට අධික වටිනාතමින් යුතු හොරොන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු 53 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු සතුව හෙරොයින් කිලෝ 6 යි ග්‍රෑම් 24 තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
මේ වනවිට මහර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් වන මොහොමඩ් සිද්දික් නැමැත්තා ජංගම දුරකථන ඔස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
සැකකරු අද (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

(ඡායාරූපය - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දඬුවම ලබාදිය යුතුයි.