
(ජේ.කේ.එල් චාමින්ද සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 6 ක් පමණ වටිනා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අද (1) ඉමදුව, කොදාගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය පවසයි.
අත්අඩංගුවට ගත් වාලම්පුරි 2 ක හා සැකකරුවන් සිව්දෙනා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඉමදුව පොලිසියට බාර දී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් දෙදෙනෙකු විසින් උපයාදුතයකු වශයෙන් පෙනි සිටිමින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා හැටන් හා පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මොවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන 4 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය අතර පාසල් ගුරුවරයකු හා විශ්‍රාමික ගුවන් හමුදා භටයකුද සිටින බව පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර පවසයි.
ඔවුන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙකි වාලම්පුරි 02ක මොවුන් සතුව තිබි ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
අධිකරණ කටයුතු සඳහා සැකකරුවන් සිව් දෙනා හා වාලම්පුරි, ඉමදුව පොලිසියට බාර දී තිබේ. සමුද්‍ර හා වෙරළආරක්ෂක පනත යටතේ මොවුන්ට නඩු පැවරිමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 6කට සිප්පිකටු ඇරෙන්න වෙන ගන්න දෙයක් නැද්ද?
මේවා සන්තකයේ තබා ගැනීම තහනම් මොකද? මොකද්ද මේකේ තියන වටිනාකම?
මිලියන 60ක්? ට්‍රයිටන් වාලම්පුරි දෙකක් අල්ලලා කිව්වම බැලුවා මේ මොකක්ද කියලා, ඡායාරූපේ තියෙන්නේ නිකං බෙලිකටු දෙකක්නේ! එ්කත් අල්ලන්න එස්.ටී.එෆ් එක ඕනෑද? දැන් එතකොට පොඩි එකෙක් වෙරළේ තිබිලා බෙලිකටුවක් ඇහින්දොත් එයාවත් කුදලාගෙන යන්න එස්.ටී.එෆ්. එකෙන් ඒවිද? මේවා දැවෙන ප්‍රශ්න.
භාණ්ඩාගාරයට සාධාරණ බද්දක් අයකරගෙන ඕවා නිදහස් කළා නම් හොඳයි. හම්බකරන අයට හම්බ කරන අවස්ථා නොදී නීති රීති මේ රටතුළ... ඊයේ විදේශ රැකියා රාජ්‍ය අැමැති කියනවානම් දිස්ත්‍රික්ක මට්ටමින් 2000ක් බැගින් විදේශ රැකියාවලට යවනවයි කියලා. ඒ කියන්නේ රටතුළ රැකියා ප්‍රශ්නයට රජයට විසඳුම් නැහැ.
ඔය මිල තක්සේරු කළේ කොහොමද?
මේ රටේ තරම් කුහක මිනිස්සු ඉන්නා රටක් ලෝකයේ කිසිම තැනක නැතුව ඇති. වාලම්පුරි කියන්නේ වම් අතට කැරකුණු බෙලිකටු විශේෂයක්. මේවා දුර්ලභ නිසා මේවට පුද පූජා තියෙන අය අධික මිලක් ගෙවනවා. ඒ විශ්වාසය හරි හෝ වැරදි වේවා බෙලි කටුවක් විකිණීම, ළඟ තබා ගැනීම වරදක් වන්නේ කෙසේද? වැරදිලාවත් මේ බෙලිකටු 2 වමට කැරකිලා නොතිබුණේ නම් මේ නඩු කිසිවක් වැටෙන්නේ නෑ. දකුණු අතට කැරකිලා තිබෙන ඒවා පයේ වැදුණත් ගෝනි ගණන් ලඟ තිබුණත් අල්ලන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ මොට්ට මෝල් තීරණ මිසක් වෙන කිසිවක් නොවේ. නොඑසේ නම් වාලම්පුරි හැරෙන්නට අනිකුත් බෙලි කටු, සිප්පිකටු, කකුලු කටු, පොකිරිස්සන්ගේ කටු වලට හා ඒවා ගෙන එන්නන්ට විරුද්ධව නඩු නොදමන්නේ ඇයි? වමට කැරකුණු කට්ටක් පමණක් නඩු දැමීමට මහා ලොකු අපරාධයක් වන්නේ කෙසේද?
හරි මගුලක්නේ... ඕන එකයි, එපා එකයි හැම මගුලක්ම ඔහොම අල්ලන්න ගියාම. ඔය විදියට මනුස්සයෙක්ට මුහුදු වෙරළකටවත් යන්න බැරිවෙයි.. පොඩි එකෙක් සිප්පියක් අහුලා ගත්තත් අරන් යයි. මළවිකාර... ඔය බෙලිකටු, බෙල්ලෝ මරන්නේ නැතුව ගන්නවා නම් ඒකට වටිනාකමක් තියේනම් එ්කෙන් මනුස්සයෙක්ට හානියක් නැත්තන් මත්ද්‍රව්‍යයක් නෙමේ නම් මොන විකාරයක්ද මේ? කෝටි 6ක් හරි 50ක් හරි දීලා ගන්නේ ගන්න පුළුවන් මනුස්සයෙක්නේ. රජයේ තියෙන වැරදි වහගන්න වනාන්තර විනාශ කරන ඒවා වහගන්න මේ වගේ දෙකයි පනහේ වැඩ කරනවා. අනේ මන්ද STF එකත් වැටිච්ච තැනක්. මිථ්‍යා මත හරි මොකක් හෝ වේවා... ඕකෙන් ඇති වැරැද්ද මොකක්ද? සිරිසේන හොඳයි තව. හෙට අනිද්දා වෙද්දී තව මොනමොනවා අල්ලයිද දන්නේ නෑ. මේ මල විකාර නිසා කීයක් හරි හොයාගන්න ඉන්න මනුස්සයෙක් වැරදි වැඩවලට යොමු වුණාම ඒකත් සමාජෙට බරක්...