
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීම තැත් කළ අක්කා මලෝ දෙදෙනෙක් ද සමග ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම ගුවන් මගීන් දෙදෙනා කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවක සහ 55 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත විදේශයන් වෙත ගොස් භාණ්ඩ ගෙනැවිත් දීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්නන් වේ .
මොවුන් දෙදෙනා අද දින උදෑසන 06.51 ට ඉන්දියාවේ චෙන්නායි සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් ව්‍යාපාරිකයන් සදහා කටුනායක ගුවන් තොටුපොළ තුළ වෙන් කර ඇති "රක්ත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මොවුන් දෙදෙනාගේ ගමන් මලු තුළ මෝටර් රථ අමතර කොටස් , චන්ද්‍රිකා රූපවාහිනී උපාංග ( Satalight Television ) , වැට් - 69 විස්කි බෝතල් 18 ක් , ස්කොෂ් ලීඩර් විස්කි බෝතල් 29 ක් ,නීතිවිරෝධී ලෙස ආනයනය කළ විදේශීය නිෂ්පාදිත මැන්චෙස්ටර් , එසී බ්ලැක් සහ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි තොගයක් , සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව රැගෙන විත් තිබූ සැත්කම් පිහි 1,100 ක් , ඉන්දීය කෝපි පැකට් 2,220 ක් , රාත්‍රී ආලේපන ( Night Cream ) පෙට්ටි 100 ක් ද තිබී සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්ටම් එකේ ඔෆිසර් කෙනෙක්ට එයාලාගේ ජරාව කුට්ටිය දීලා ගෙනියන්නේ නැතුව ලෝභකමට හොරෙන් ගෙනිච්චාම අල්ලනවා තමයි. එහෙම නැත්නම් තමන් කලින් සෙට් කරගෙන හිටපු නිලධාරියා එදා නැතුව වෙන කෙනෙක් ඩියුටි හිටියාමත් මෙහෙම අල්ලනවා... මොකෝ මේ දෙන්න අද පළවෙනි සැරේට මේ හෑන්ඩ් ලෝඩ් අදින්න පටන් ගත්තු අය වෙන්න බැහැනේ.. මෙච්චර හෑන්ඩ් ලෝඩ් එකක් අදින්නේ පුරුදුකාරයෝ.. ලෝඩ් සීයක් අදිනකොට දහයක් විතර මේ වගේ මාට්ටු වෙනවා තමයි.. සියලු දේ අනිත්‍යයි. හැමදාම එක වගේ නැහැ. හෙට අනිද්දා අපහු හෑන්ඩ් ලෝඩ් ටිකක් අදාල මේ වෙච්චි අලාභයත් කවර් කරගන්න අධිෂ්ඨානයෙන් යන්න මෙයා.. මොකෝ කස්ටම් එකේ සිස්ටම් එක එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන්ද..? ඔය වගේ ඩාම් වෙනවා... ඩූම් වෙනවා තමයි. ජීවිතේ ඔහොම තමයි...
මේ අයනකොට මේගොල්ලන් සම්බන්ධතා තියෙන රේගු නිලධාරියා ඉන්න නැතිව ඇති. මේ සෑම දෙයක්ම වෙන්නේ සමහරක් රේගු නිලධාරීන්ගේ සහාය ඇතිව...
ඔය හොරට වංගු ගහලා බඩු අදින එවුන්ගෙන් එළියේදී ඇහුවොත් කියයි අපිත් මාලිමාවට.. හොරකම, දූෂණය නවත්වන්න ඕනෑ කියලා.. ඒ වගේම ඔය බඩු අදින්න වෙනදාට සපෝර්ට් කරලා ජරාව කුට්ටිය සාක්කුවේ දාගන්න කස්ටම් ඔෆිසර්ලාත් එළිපිට කියන්නේ රාජපක්ෂලා හොරු අපි නම් මාලිමාවට කියලා.. මෙව්වා වෙනස් වෙන්නේ නැහැ මාලිමාව නෙමෙයි කවුරු ආවත්...
ලොරියක බඩු ගෙනල්ල , මට පුදුමෙ ඒකයි, අපි කිලෝ 35 ගේන්නෙත් මොන ලෙඩක් වැටෙයිද කියල හිත හිත.මෙන්න වැඩ කාරයො, මෙතන තැනක තිබුන රේගුවෙ හිග බදු නැහැ කියල, මේවයෙ හිග බදු යන්නෙ සාක්කු වලට
මගේ හිතවතෙකුට රු.35,000 ක් දඩ ගැහැව්වා .කිලෝ ගාණ ටිකක් වැඩී කියලා. තව කෙනෙක් කස්ටම් ඔෆිසර් කෙනෙක් අල්ලගෙන ඉන්දියාවෙන් සාරි තොගයක් ගෙනාවා.පගාව දීලා?