
( සිතුම් චතුරංග)
එල්.ටි.ටි.ඊ සංවිධානය යුද සමයේ වළ දමා ඇතැයි කියන රත්තරන් සහ මුදල් සෙව් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
භූමිය පරීක්ෂා කරන ස්කෑනර් යන්ත්‍රයක් යොදාගනිමින් කැණීම් සිදුකිරීමට සූදානම් අයකු සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා ස්කෑනර් යන්ත්‍රයක්ද අත්අඩංගුවට ගත් බව පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම පළාගොස් ඇති අතර, අදාළ සැකකරුවන්ට අයත් ජංගම දුරකථනයක්, යතුරුපැදියක්ද හා කැණීම් සඳහා යොදාගත් උපකරණ කිහිපයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු ඕමන්ත ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් මුදල් වගේ වට්නා කියන දේවල් ඒ කාලේම මැදමූලනේ උදවිය අරන්ගියා කියලයි කියන්නේ?