
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි පහමාරකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලිය තුඹගල්ල කන්ද කැලෑවක සඟවා තිබියදී සොයා ගත් බව බදුරළිය පොලිසිය සඳහන්කරයි.
මෙම මත්ද්‍රවය මෑත කාලයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් සොයා ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිසිය කියයි.
කළු පාටට හුරැ ගමන් බෑගයක බහා තිබූ එම මත්ද්‍රව්‍යය කුඩා පැකට් 60 අසුරා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
අයිස් මත්ද්‍රව්‍යය තොගයක් රැගෙන කිසියම් පුද්ගලයකු බදුරලිය තුඹගල්ල කන්ද කැලෑව ආසන්නයට පැමිණෙන බවට බදුරුලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිලංග මහතාට ලද රහසිගත තොරතුරකට අනුව ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයේ පැය කීපයක් රහසිගතව සැඟවී සිට ඇතැයි පොලිසිය කියයි.
කිසිදු පුද්ගලයකු නොපැමිණීම හේතුවෙන් පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය තුඹගල්ල කන්ද පාලම ආසන්නේ කැලෑවට වන්නට සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd