
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 5ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනකු කොළඹ ග්‍රෑන්පාස් බණ්ඩාරනායක වටරවුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 900 පොලිසියේ භාරයට ගෙන ඇත
විදෙස් රටවලින් බහුදින යාත්‍රා මඟින් මන්නාරම වෙරළ තීරයට රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය කොළඹ අවට ප්‍රදේශයේ ගැනුම්කරුවන්ට බෙදාහැරීම සඳහා යමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව හා මන්නාරම පදිංචි වයස අවුරුදු 41,43 අතර පසුවන්නන් ය
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ගොනහෙන කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd