(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා විදේශ මුදල් නීති විරෝධීව  මෙරටින් පිට කිරීමට උත්තසහා කළ පුද්ගලයන් පස් දෙනකු  ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව ව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත ද සිල්වා මහතා පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 95000 ක්, යුරෝ 18000 ක් සහ සවුදි රියාල් 37000 ක් ඇතුළත් වන බව රේගුව කියයි.

ශ්‍රී ලංකා රේගුව විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරිමේ නිරත වූ පුද්ගලයින් පස් දෙනෙක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් මොවුන් ඩුබායි බලා යාමට සූදානමින් සිටි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.