
(ටී.කේ.ජී.කපිල)
රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අද (13) දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ - 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 12.10ට පමණ පැමිණ තිබුණි.
මොහු හැද සිටි කළිසමේ බැද තිබූ ඉන පටිය තුළ පැකට් ලෙස සකස් කර සගවා ගෙන මෙම රත්තරන් කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 460 ක් රැගෙන පැමිණ තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා රේගු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd