
(ටී.කේ.ජී.කපිල)
ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා තිබියදී සොයාගත් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති.
ඩුබායි සිට ඊයේ (25) අලුයම 05.30 ට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් පැමිණි කිසියම් ගුවන් මගියකු මෙම ජංගම දුරකථන තොගය රැගෙන විත් ඇති අතර , ඒවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට අපහසු බව වැටහීමත් සමග , මේවා ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහැර දමා ගොස් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැන්ටක් කරගත් රේගු නිලධාරියාට එදා ඩියුටි වෙන තැනක වැටිලා තිබෙන්න ඇති. එහෙම නැතිනම් ටිප් එක ලැබිලා කියලා දෙන්න පුළුවන්..., ගුවන් තොටුපල ඇතුලේ කැමරා තිබෙනවා. පැමිණෙන මගීන්ගේ නම ඇතුළු සියලු දත්ත තිබෙනවා.. ගෙනාවේ කවුද කියන එක විනාඩි කිහිපයක් තුළ සොයාගන්න පුළුවන්... අවශ්‍ය නම්..!
බද්ද, දඩයකුත් එක්ක ගහල ඒ අයටම ලබාගන්න අවස්ථාව දෙන්න. නැත්තම් ඕවා විනාශ නොකර සාධාරණ මිලකට සාමාන්‍ය මිනිස්සුන්ට ලබා දෙන්න. ජංගම දුරකථන කියන්නේ තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩ නොවේ. අත්‍යාවශ්‍ය ඒවා. ඒවල මිල අධික වුණොත් අපි අමාරුවේ.
පිටිසර පාසල් වෙත ලබාදෙන්න. රජයේ දේපළ ලෙස අර විස්කි, තේ කහට වුණා වගේ කරන්නේ නැතිව.
රේගුවේ අයගේ පත්වීමට පෙර සහ දැන් වත්කම් සොයාබලන්න. බඩුම තමයි.
ඔය භාණ්ඩ නඩු ඉවරවෙනතුරු ගබඩාවල විනාශ නොකර වහාම වෙන්දේසි කරන්න. දැනටම රටේ විදේශ විනිමය වියදම් කර ගෙනැල්ලා තියෙන බව පේනවා නේද? නියාමනය කොමිසම හරහා ලියාපදිංචියට අවශ්‍ය තත්ත්වය නිර්මාණය කරන්නම ඕනෑ.