(යොහාන් භාසුර)
කැනඩාවේ රැකියා සහ පදිංචි වීසා දෙන්නේ යැයි පවසා රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලාකළ පුද්ගලයෙක් මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) භාරදුන් බව එම කාර්යංශය පැවසීය.
එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25 කින් පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් බවත් සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති බවත් එම කාර්යංශය කීය.
කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර මෙම මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් කාර්යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුද්ගලයන් ගැනද පැමිණිලි විදේශ සේවා කාර්යංශයට භාරගන්න එපා කියලා දෙස්පාලුවෙක් බලපෑම් කරලා තිබුනේ?එතනදී වින්දිතයෝ පොලිසියට ගොස් පැමිණිලි කරනවාය කියලා කීවාලු .මේවා පළවුණේ තවත් ප්‍රසිද්ධ මුද්‍රිත ජන මාධ්‍යක