
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වැය කර සකස් කර ඇති පරිගණක මෘදුකාංගයක් භාවිතයට නොගෙන අතහැර දැමීමේ සිද්ධියක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.
කෝපා කමිටු වර්තාවක දැක්වෙන අන්දමට මෙම පරිගණක පරිගණක මෘදුකාංගය සකස් කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන වැඩසටහන සඳහාය.
එම ගිණුම් කාරක සභාව මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.
එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් සකස් කෙරුණු මෙම මෘදුකාංගය ප්‍රායෝගික ගැටලු නිසා භාවිතයට ගත නොහැකිවී ඇති බවයි.
එසේ වුවත් පොහොර සහනාධාරය ලබා දීමේදී මෙය භාවිතා කරන බව එම ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න උත්තරේ "බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා=2021 නොවැ 03 වන බදා, ප.ව. 10:08" . පාඩු නැහැ නේද ?
මේ වාගේම පලක්දු නැති මෘදුකාංගයක් අධ්‍යාපන අමාත්‍යාංශය - මාර්ගගත සිසු තොරතුරු පද්ධතිය නමින් හදුන්වා දී පලක් නැතිව තියෙනවා.
හොරුන්ට මොන සොෆ්ට්වෙයාර්ද? මහා අයත් එකයි, රාජ්‍ය සේවකයෝත් එකයි තකට තක... රාජ්‍ය සේවයට තාක්ෂණය කියන්නේ නයින්ට අඳුකොළ වගේ..
මෘදුකාංග පාවිච්චිය රජයේ බොහෝ අය අකමැතිම දෙයක්. හේතුව වැඩිපුරම ඉහල නිලයන්වල ඉන්න වයස්ගත ලොක්කන්ට පරිගණක සාක්ෂරතාව නැතිකම. ඒ අයට කොල කෑල්ලම ඕන. අනික වංචාසහගත ක්‍රියා වලට ඉඩකඩ ඇහිරීම.