පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් පැහැරගන්නා ලද රුපියල් කෝටි 700 කට අධික වටිනාකමකින් යුත් නිල් දියමන්තිය ඊයේ (4) රාත්‍රී 9.00 ට පමණ පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසකින් අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
කැලණිය විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරු අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම දියමන්තිය අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම නිල් දියමන්තිය ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින මාකඳුරේ මධුෂ් ගේ සැලසුමකට අනුව ඔහුගේ ගෝලයන් පිරිසක් පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ව්‍යාපාරිකයාගේ නිවසට කඩා වැදී මෙම නිල් දියමන්තිය සහ තවත් මැණික් ගල් කිහිපයක් පැහැරගෙන ගොස් තිබිණි.
අත්අඩංගුවට ගන්නා ලද නිල් දියමන්තිය මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයකු සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු ද දියමන්තිය සමග පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන අපරාධ විමර්ශන ඒකකය මීට පෙර මාකඳුරේ මධුෂ් නමැත්තාගේ ගෝලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් හෙලිකරගත් තොරතුරු මත මෙම නිල් දියමන්තිය සොයාගෙන තිබිණි.
සොයාගන්නා ලද මෙම නිල් දියමන්තිය මීට පෙර මැණික් ව්‍යාපාරිකයාගෙන් පැහැරගන්නා ලද නිල් දියමන්තියම ද යන්න තහවුරු කරගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බලපෑම් නැතිනම් අපේ පොලිසියට ඕනෑම හොරකමක් අපරාධයක් අල්ලන්න පුළුවන්. අපේ පොලිසිය ඇත්තටම දක්ෂයි. එත් රත්ගම වගේ සිද්ධි ශ්‍රී ලංකා පොලිසියේ අභිමානයට කැළලක්.
එතකොට ඩුබායි ගෙනිච්චා කිව්වේ
ඒ කාලේ නම් මේ දියමන්තිය අර ගොල්ලෝ උස්සලා.
පිටිගල මිලානෝ එහම කියන්න එපා , එයාලගේ ආච්චිලාට නිකන් මැණික් මලු හමුවෙන කොට අනුන්ගේ දියමන්ති මක්කටද?
පිටිගල මසුරන් කතාව සහෝදරයා.
දවසේ කතාව. මෙන්න මගෙන් 5ක්
පිටිගල.....අයියෝ සල්ලි........!
ලංකාවේ පොළොවේ දියමන්ති නැහැ කියනවා නේද? එතකොට මේක රටින් ගෙනාපු එකක්ද?
ඒ කලේ මේකාලේ කියල වෙනසක් නැහැ. තව ටික කාලෙකින් බලන්නකෝ