(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් ආණ්ඩුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයග්‍රහණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රටේ ලක්ෂ 220 ක් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මේ සංශෝධනයෙන් අහිමි වී තිබෙන බව කී විපක්ෂ නායකවරයා මෙය ලක්ෂ 220 ක් වන ජනතාවගේ පරාජයක් බව සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (25)පාර්ලිමේන්තුවේදී 22 වැනි සංශෝධනයට අදාළව පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමිනි.

අද වනවිට ප්‍රජාතන්ත්‍රවාදයට කළු යුගයක් නිර්මාණය වී තිබෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන ප්‍රජාතන්ත්‍රවාදය හකුළු වන ඒකාධිපති ආණ්ඩුවටක මුලපුරා තනි පක්ෂ පාලනයක් ක්‍රියාත්මක කරන්නට රජය පියවර ගෙන තිබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.