
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුතු ජංගම දුරකථන , ටැබ් පරිගණක සහ පරිගණක 238 ක තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත "ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(30) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 22 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි . ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ මෙම නවීනතම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා ගෙන තිබූ බව රේගු නිලධාරීන් පැවසූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිස්ටම් වගේම මිනිස්සුත් වෙනස් වෙන්න ඕනෙ නේද?
ආහ්... දැන් ලිබර්ටි එකේ, යුනිටි එකේ ෆෝන් ගාන නගී බලන් ඉද්දිම...
ගුවන්තොටේ මෙහෙම නම් පන්නපු කන්ටේනර්වල කොහොම තියෙන්න ඇද්ද?