(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය දැව සංස්ථාවට අයත් බූස්ස දැව ගබඩාවේ රුපියල් කෝටි පහකට ආසන්න වටිනා කළුවර දැව කඳන් තොගයක් (ඩෙ.මී 225,994) දිරාපත්වී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ.
මේ දැව කඳන් වසර 12 ක් තිස්සේ (2007සිට) විවිධ අහිතකර පරිසර තත්වයන්ට භාජනවෙමින් අනාරක්ෂිතව ගොඩගසා තිබුණු බව එම කාර්යාලය අනාවරණය කරයි.
මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය දැව සංස්ථාවට ලබාදී තිබු වටිනා තේක්ක ගස් 69ක් අතුරුදන්වීමෙන් එම සංස්ථාවට රුපියල් ලක්ෂ තිහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි එම කාර්යාලය පවසයි.
මින්නේරිය හල්මිල්ලෑව වැඩ බිමෙහි තිබූ තේ ගස් 7840 කින් මෙම ගස් 69 මීට වසර කිහිපයකට ඉහතදී මෙසේ අතුරුදන්ව තිබූ බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd