(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 532 ක ආදායම් බදු මුදලක් රජයට නොගෙවා පැහැරහැරීමේ සිද්ධියකට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් යන අයට ලබන 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. ඉලංගසිංහ මහතා සිතාසි නිකුත් කර ඇත.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම අධිකරණය සිතාසි නිකුත් විනි.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් එකසිය හැට හත් රුපියල් කෝටි 532 (5,328,428,555/=) බදු මුදලක් නොගෙවා පැහැර හැරීමෙන් රජයට වංචාවක් සිදුකළේ යැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එහි අධ්‍යක්ෂ ධුරය දරන අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිම සාධාරණ හේතුවක් නොමැතිව කෝටිපතියන්ගෙන් අයකරගත යුතු බදු අය නොකර ඔවුන් නිදහස් කරලා. මෙම ලිපිගොනු නිර්පාක්ෂික ජාත්‍යන්තර විගණන සමාගමක් මගින් නැවත සමීක්ෂණයට ලක්කළ යුතුයි.
හවුලේ මහබැංකුව සුද්ද කරපු අයට ඔය කෝටි 532න් ගැලවෙන එක කජ්ජක්ද?
නාවලා සුද්ද කරලා එළියට ගන්න වගේ යන්නේ?
අපේ මව්රටට දෙයියන්ගේම පිහිටයි.
අර්ජුන් ඇලෝසියස්? කොහෙන් ආපු අයද මේ අපේ රට විනාශ කරන්නේ?
මේ ගෙවල නැත්තෙ කොයි කාලවල බදුද? මටනම් හිතෙන්නෙ මහජන සෙවකයන්ට වැඩිය වැඩ නොකර ඉන්නෙ සාමාන්ය ජනතාව කියලයි, ඊට පස්සෙ එයාලම තමා රට කරන අන්ඩු වලට බනින්නෙ, කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්නෙ නැති බොහොමයක් රජ්ය සේවකයො සහ නිලදාරි හින්ද අපෙ රටට මෙහෙම උනේ
මාමණ්ඩිය සිටිය නිසා බදු එකතු කරගැනීම අවිනිශ්චිතයි.
මේ වගේ බදු වංචාකාරයෝ තව කොච්චර ලංකාවේ ඉන්නව ඇත්ද. සමහර නිළධාරින්ගේ සහයත් බදු වංචාකාරයන්ට ලැබෙනවා .