
(යොහාන් භාසුර)
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කිරීමේදී ශ්‍රී ලංකා අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 473 ක් හේවත් රුපියල් කෝටි 47 කට අධික වටිනා විදේශීය දුම්වැටි ලක්‍ෂ 31 ක් අද (30) විනාශ කළේය.
මුතුරාජවෙල, ආයෝජන කලාපයේ පිහිටි අපද්‍රව්‍යවලින් විදුලි බලය නිෂ්පාදනය කරන විදුලි බලාගාරය තුළදී රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කළේය.
මෙම දුම්වැටි තොගය යම්කිසි හෙයකින් රේගුවෙන් පිටවූයේ නම් රජයට රුපියල් මිලියන 1419 ක් හෙවත් රුපියල් කෝටි 142 ක් පමණ තීරු බදු මුදලක් අහිමිවීමට ඉඩතිබූ බව එහිදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් (ඩිජිටල් පරිවර්තන) සුදත්ත සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්වැටි රේගුවෙන් පිට වුණා නම් අලාභය රුපියල් කෝටි 142 ක් නම් මේවා අල්ලා ගැනීමෙන් අත් වූ ලාභය කීයද? අල්ලා ගත් රේගු නිලධාරීන්ට කොපමණ ගෙව්වාද? ඒ ගෙවීම් තුලින් රජයට වුනේ ලාභයක්ද? නැත්නම් පාඩුවක්ද?