IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි 300ක මුදල් ආයෝජනය කළ තවත් දෙකක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ නමින් ආයතනයක් පවත්වාගෙන යමින් මුදල් ආයෝජන අවස්ථා සදහා යැයි පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 300කට අධික මුදලක් වංචා කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් එම ආයතනයේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ගිණුම් ලිපිකාරිනියක ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.

‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනයේ අධ්‍යක්ෂවරයා වන මානෙල් නිවස, 02 වන හරස් පාර, නවනරගය පොළොන්නරුව ලිපිනැති හෙට්ටිආරච්චිගේ සහන් අකලංක යන අය මෙම සිද්ධියේ පළමු සැකකරු වශයෙන් නම් කිරීමට ද අධිකරණය තීරණය කළේය.

ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘ඇතෑන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර්’ ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරීවරයා වන ඊරියගම පල්ලේ වලව්වේ දිලුම් කුමාර සහ එම ආයතනයේ ගිණුම්ලිපිකාරිනියක වන කෙලිතුඩ මුණසිංහගේ මේදනී තරංගා යන අයවලුන්ය.

සැකකරුවන් වංචා කර ඇති රුපියල් කෝටි 300කට අධික මුදලට සිදුවූයේ කුමක්දැය මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බවත් එම මුදල්වලට සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සෙවීම සදහා පු`ථල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (0)

කෝටි 300ක මුදල් ආයෝජනය කළ තවත් දෙකක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site