IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කෝටි 28ක රන් රටින් පන්නන්න හැදූ 3ක් මාට්ටු

(ගයාන් සූරිය ආරච්චි)

කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි  රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ත් 45 ත් වියේ පසු වන  තිදෙනෙකි.

සැකකරුවන් යාත්‍රා කළ ධීවර යාත්‍රාවද නාවික හමුදා භාරයට ගෙන ඇත.

සැකකරුවන් මෙම රත්තරන් තොගය ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පළ කරති.

අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ සැකකරුවන් රේගුවට බාර දීමට නියමිතව ඇත.



අදහස් (1)

කෝටි 28ක රන් රටින් පන්නන්න හැදූ 3ක් මාට්ටු

පිටිගල මිලානෝ Saturday, 04 January 2025 04:51 PM

බත්තලන්ගුන්ඩුව කියා ඇසෙනකොටම මට මතක් වෙන්නේ මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ඩුව නවකතාව… කියවන්න වටිනා ලස්සන කතාපොතක්… මම බොහෝ ප්‍රිය කලෙමි…

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site