
(යොහාන් භාසුර)
ඉතාලියේ සිට කොලඹ පිහිටි භාන්ඩ නිශ්කාශන ආයතනයක් හරහා එවන ලද තෑගි පාර්සලයක තිබී හෂීෂ් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට ගැනීමට රේගු ආදායම් අධීක්ශන ඒකකය සමත් වූ බව රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 212 ක් හෙවත් රුපියල් කෝටි 21 කට අධික බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය මතුගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ බවත් ඒ මහතා කීය.
අත් අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවෙක් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදුන් බව ද රේගු මාත ප්‍රකාශකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයට විනකරන මත්ද්‍රව්‍යකට මගේ නම තිබීම ගැන ඇත්තටම තියෙන්නේ කණගාටුවක් සහ ලැජ්ජාවක්...
අනිවාර්යෙන් එවපු කෙනා කවුද? මොන ආයතනයෙන්ද එව්වේ කියලා ජනතාව දැනුවත්කළ යුතුයි..