(රෝෂන් තුෂාර)
ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27) නියෝග කළේය.
කොළඹ කොටුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් විවෘත වරෙන්තු අටක් හා රතු වරෙන්තු ලබා ඉන්දියාවේ වෙරළ ආරක්ෂක පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරට පිටුවහල් කර ඇති අහමඩ් ශරීප් මොහොමඩ් ශිහාබ් හා ඔහුගේ බිරිඳ වන ප්‍රාතිමා පර්ෂානා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයද සහිතව මිත්තණියට භාර දෙන ලෙසටද නියෝග කළේය.
පෙරේදා(26) දින ගුවන්තොටුපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් සැකකරුවන් ඊයේ රහස් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් 2021 වසරේ මෙරටින් පලා ගොස් ඇති බවය.
සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු අටක් පවතින බවත්,එම අධිකරණයෙන් හා සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන දිවයිනේ සෙසු අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන් කළේය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධීකරණ පනත ප්‍රකාරව පැමිණිල්ලක් විභාග කරන බවත් එම පැමිණිල්ල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වගන්තිය යටතේ විත්තිකරුවන් නොමැතිව විමර්ශනය සිදු කරන බවත් පෙන්වා දුන්නේය.ග්ලෝබල් නමැති පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් ජනතා මුදල් කෝටි ගණනින් බාරගෙන වංචා කිරීමට එරෙහිව හා නීති විරෝධී අයුරින් මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රුචිර දේවප්‍රිය මහතා පෙනී සිටි අතර සැකකරුවන් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු හෙයින් ,බාල වයස්කාර දරුවා මිත්තනියට භාරගත හැකි බව සඳහන් කළේය.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන හයවෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
පලාත් පාලන මැතිවරණයේ නිහඩ කාලසීමාව මේවනවිට ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්