
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
කැනඩාව සහ ඇමරිකාවේ සිට මෙරට එවූ රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අද (28) පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක සහිත පාර්සල් 6ක් පරීක්‍ෂා කළ බවත් එහි තිබී ‘කොකේන්’ මත්ද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 30ක් සහ ‘කුෂ්’ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 177ක් සොයාගත් බවත් රේගුව කීය.
කොළඹ සහ කඩවත යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එම පාර්සල් එවා තිබුණ ද පසුව සොයා බැලීමේදී එම ලිපින ව්‍යාජ ලිපිනයන් බව තහවුරු කරගත් බවත් එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතය බවත් රේගු දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලෝලියා" කූරියර් කරන ආයතනයත් මේකම තමයි...
අල්ලන තොගවල හැටියට මිනිසුන් මත්කුඩුවලින් රොටී හදන් කනවද කියලාත් හිතෙනවා...
කුරියර් සේවාව වගකීම් විරහිත ලෙස ක්‍රියා කරන්නේ නම් කුරියර් සේවාව ලංකාව ඇතුළත තහනම් කළ යුතුයි. නො එසේ නම් නිසියාකාරව නීතියෙන් නියාමනය කළ යුතුයි. රටේ අපරාධ නීතිය නොතකන කිසිඳු ආයතනයක් මේ රටට අවශ්‍ය නැත...