(ටී.කේ.ජී.කපිල )

කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම්  04 යි ග්‍රෑම්  527 නීතිවිරෝධී ලෙස තම අත් බෑගය තුළ සගවා ගෙන , ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටි 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකු අද (15 )  උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

සිය බාරයට ගත් කොකේන් තෙගයේ වටිනාකම රුපියල් කෝටි 18 ක් ( රුපියල් මිලියන 180 ක් ) පමණ බවද රේගු අධ්‍යක්ෂකවරයා කීවේය.

මොහු ආචාර්ය උපාධියක් සහිත ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු බව ඒත්තු ගැන්වීම සදහා ව්‍යාජ ලියකියවිලි තොගයක් ද රේගුව වෙත ඉදිරිපත් කර තිබී ඇත .

මොහු මුලින්ම ගුවන් මගින්  ටියුනීසියාවේ සිට බ්‍රසීලය වෙත පැමිණ , එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ .

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු පැවසීය 

මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබා දීමට පියවර ගෙන තිබේ .