(නිමන්ති රණසිංහ)
‘ස්පෝට්ස් චේන්’ නමින් පරිගණක මෘදුකාංගයක් හදුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් චීන ජාතික යුවළක් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (13) නියෝග කළේය.
මෙම සැකකරුවන් ඊයේ (12) රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාම සදහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ්‍යට දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චීන ජාතික වයස අවුරුදු 35ක පිරිමි අයකු සහ 25 කාන්තාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් මිනිස්සු. රට මෙහෙමවත් ඉතුරුවෙලා තියෙන එක ලොකු දෙයක්.
තිළිණි ප්‍රියමාලියි ... මේ චීන යුවළයි ලංකාවෙන් එකතුකරලා තියෙන කෝටි ගණන් මුදල් ප්‍රමාණය IMF දැන ගත්තොත් එකඟවුනු IMF ආධාර ලැබෙන එකත් නවතියිද මන්දා...!
උන්ගේ රටේ නම් මේවා කරන්න බැරි නිසා චීන්නු මේක ලංකාවෙන්ම ඉගෙන ගන්න ඇති.