
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සුඛෝභෝගී හෝටල් කාමර සහ නිවාස කුලී පදනම මත ලබාගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව‍්‍ය ජාවාරමේ යෙදුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු රුපියල් කෝටි 14 කට ආසන්න වටිනා මත්ද්‍රව‍්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව‍්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 56 ක් ,හොරෙයින් මත්ද්‍රව‍්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ගෑම් 212 ක් , හා අයිස් මත්ද්‍රව‍්‍ය කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 116 ක් පොලිස් භාරයට ගෙන ඇත.
කොළඹ 6 වැල්ල වත්ත ඩබ්ලිව් ,ඒ .ද. සිල්වා මාවතේ කුලියට ගත් සුඛෝභෝගී නිවසක් තුළ පුද්ගලයකු මත්ද්‍රවය ජාවාරම සිදු කරන බවට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට ලද රහසිගත තොරතුරකට අනුව එම නිවස වටලා එහි සිටි පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 116 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා කඩවත දලුවපිටිය මිහිඳු මාවතේ හෝටලයක මත්ද්‍රව‍්‍ය සන්තකයේ තබාගෙන රැඳී සිටින බවට අනාවරණය කිරීමෙන් අනතුරුව එම හෝටලය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී කොකේන්, අයිස් හා හොරෙයින් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd