(කේ බුද්ධික කුමාරසිරි)
විදෙස් ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හෝමගම ගගන නමැත්තාගේ මත්දුව්‍ය ජාවාරම මෙහෙයවන තවත් සැකකරුවකු රුපියල් කෝටි 12 ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 12 ක් සමගින් හෝමාගමදී අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ හෝමගම ප්‍රදේශයේ පදිංචිකරුවකි.
ඩුබායි රාජ්‍යයේ පොලිස් අත් අඩංගුවේ සිටින බව කියන රංජිත් පෙරේරා නොහොත් කොණ්ඩ රංජිත් නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමෙන් ආරම්භ වූ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය තුලින් මේ වනවිට මත්දුව්‍ය කිලෝ 37 ක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇතැයි කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd