(දිල්රුක්ෂි ග්‍රේරු)
කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57 දෙනෙක් පැය 24ක් තුළ බස්නාහිර පළාතේ වංචා විමර්ශන අංශවලින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාතේ වංචා විමර්ශන කාර්යංශයන් වෙත ලද මූල්‍ය වංචා පැමිණිලිවලට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගත නොහැකිව පොලිසිය මගහරිමින් සිටි සැකකරුවන් 57 දෙනෙක් අද දිනය තුල (05) සිදුකළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් අතර කාන්තාවන් 09 ක් සහ පිරිමින් 48 ක් සිටින අතර ඔවුන් මුදල් වංචා කිරීම් , මුදල් විශ්වාසය කඩ කිරීම් , කූට ලේඛණ සකස් කිරීම් , බහු විවාහ සිදුකර ගැනීම් වැනි අපරාධ 70 කට සම්බන්ධ බව අනාවරණය වී තිබේ.
මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විසදුනු අපරාධවල සම්පූර්ණ මූල්‍ය වටිනාකම රුපියල් දස කෝටි අසූ හතර ලක්ෂ හැත්තෑ දහස් තුන්සිය පනස් හයකි.
මෙම සැකකරුවන්ට අමතරව පොලිසිය මග හැරි වරෙන්තුකරුවන් 13 ක් ද මෙම මෙහෙයුමේදී වංචා විමර්ශන කාර්යංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සියළු සැකකරුවන් හෙට දින අදාල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් මොවුන් අත් අඩංගුවට ගෙන තිබිණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෑතකදී සිදුවන වැටලීම්වලින් තහවුරු වෙන ප්‍රධානම කාරණාව රටේ ආරක්ෂක අංශවලට නිර්භය තීරණ ගන්න නිවැරදි දේශපාලන නායකත්වයක් අවශ්‍ය බවයි..
ඒ වුණාට අවුරුදු ගාණක් ගිහිල්ලත් මහබැංකු හොරු අල්ලා ගන්න බැරි වුණානේ... කොහොමද ඒක?