
(ගයාන් සූරිය ආරච්චි)
රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් ග්‍රෑම් 80 හා හෙරොයින් කිලෝ 1, ග්‍රෑම් 25 ක් සමග රාත්‍රී සමාජ ශාලා බවුන්සර්වරයකු අත්අඩංගුවට ගත්බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේරහැර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන හෝමාගම ගගන නමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ තොරතුරු මත දම්වැලක් ආකාරයෙන් සැකකරුවන් 5 දෙනෙකු සහ දෙමටගොඩ, බොරලැස්ගමුව ප්‍රදේශවලදී ගිනි අවි 2 ක් ද බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයෙන් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බවුන්සරයක් අත්අඩංගුවට කියල ලිව්වොත් වේගපන්දු යවන අය තරහ වෙයිද?