(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 06කට අධික වටිනාකමිකින් යුත් පරිප්පු කන්ටේනර් 10ක් වංචනික ලෙස ලබාගැනීම සහ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් පරිප්පු පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ සාවද්‍ය පරිහරණය කළැයි කියන මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් නගරයේ බල්ක් බයි ග්‍රේම්ස් (ඕස්ට්‍රේලියා) පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ශ්‍රී ලාංකිකයකු වන මනෝජ් දුශ්‍යන්ත රාජරත්න මහතා විසිනි.
මෙම වරද ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 386, 389, 403 වගන්ති ප්‍රකාරව වරදක් බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ අතර අදාළ සමාගම් බැංකු ගිණුම් පවත්වාගෙන ගිය ජාතික සංවර්ධන බැංකුවේ බැංකු ගිණුම් විස්තර සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා එහි කළමණාකරුට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුව අධීකරණයෙන් ඉල්ලීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිප්පු කන්ටේනර් 10ක් සහ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් පරිප්පු පිරිසිදු කිරීමේ යන්ත්‍රෝපකරණ රේගුවෙන් එලියට ගියේ සාක්කුවේ දාගෙනද? ව්‍යාපාරික ආයතනයට වරද පටවන්න එපා. රාජකාරියේ හිටිය පට්ට හොරුන්ට වරද පටවන්න.