
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව කල්අඩිය ප්‍රදේශයේ රජයේ ඉඩමකට කජූ ඇහිලිමට නීති විරෝධි ලෙස ඇතුළු වු පිරිසකට වෙඩි තබා එක් අයකු මරා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩමේ මුරකරුවන් ඇතුළු අට දෙනකු සමග වායු රයිපල් හා කෑබ් රථයක් වනාතවිල්ලුව පොලිසිය අද සවස අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාල රජයේ ඉඩම මේ වන විට බදු පදනම මත ලබා ගෙන ඇති ව්‍යාපාරිකයා ඉඩමේ ආරක්ෂාවට යොදා සිටි මුරකරුවන් ඇතුළු එහි සේවය කරමින් සිටි 8 දෙනකු බව කියයි.
මේ සැකකරුවන් වයස අවුරුදු 19 සිට 50 දක්වා සිමාවල පසුවන බවත් අදාල වෙඩි තැබිමට යොදා ගත් බව කියන වායු රයිපල් 4 ක් හා කැබ් රථයක්ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබුනී.
වනාතවිල්ලුව කල්අඩිය ප්‍රදේශයේ හලාවත වැවිලි සමාගමට අයත් අක්කර 25 කට වැඩි ඉඩමට නීති විරෝධීව ඇතුල් වී කජූ අහුලමින් සිටි පිරිසෙන් 36 හැවිරිදි ප්‍රදීප් සුසන්ත නැමත කල්අඩිය ප්‍රදේශයේම පදිංචි දෙදරු පියකු මරණයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් තියෙන ප්‍රශ්නයක්. අමාරුවෙන් වගාකරන අස්වැන්න හොරුන්ට ගෙනියන්න දීල බලාගෙන ඉන්න තත්ත්වය. හොරුන්ට වෙඩි නොතිය ආදරේ කරල රටක සඵලතාවය දියුණුව බෑ.හොරු සුලු පරිමාණ වූවත් මර්දනය අත්‍යවශ්‍යයි.