
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් නීත්‍යානුකූල ලිපියක් ලබා දෙන්නේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ලංකාවට ගෙන ඒමේ හැකියාව තමන්ට තිබෙන බව හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා තමන්ට පාතාලයෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසමින් මීට සිව් මසකට පමණ ඉහතදී දුමින්ද ජයතිලක මහතා හිටි හැටියේ විදේශගත වී තිබිණි.
මේ වන විට ඔහුගේ රාජකාරී වැඩ පොලිස් දෙපාර්තමේන්තුව විසින් තහනමට ලක් කර ඇත. පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ඉකුත් (13) වෙනිදින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ උපන්දින සාදයට ද එක් වී තිබූ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද ප්‍රචාරය වී තිබුණු අතර එම ප්‍රචාරයන්ට ද ඔහු මෙලෙස පිළිතුරු ලබාදී තිබිණි.
පාතාලය එක්ක මගේ කිසි සම්බන්ධයක් නෑ. මගේ දරුවා මාස පහක් පාසල් ගියේ නෑ. බිරිඳට ඉන්න තැනක් නෑ. ගෙවල් 12කට ගියා . ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා . ඒවා කවුරුත් කතා කරන්නේ නැහැ.
ඒ වගේම ලංකාවේ පාතාල මර්ධනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් රැකියාව කරපු සුවිශේෂී කෙනෙක් මම අදටත් ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙක්. කංජිපාණී ප්‍රංශයේ ඉන්නවා නම් ලංකාවට ගේන්න මට පුළුවන්. ඒකට මට අවශ්‍ය බලය පවරන්න.
කංජිපානි ලංකාවට ගෙනාවයි කියලා පාතාලය හෝ කුඩුජාවරම නතර වෙන්නේ නෑ. නමුත් ලංකාවට අවශ්‍ය නම් මගේ කොටස කරන්න මම පැකිලෙන්නෙත් නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලූ බැල්මට නම් සුපිරි වැද්දෙක් වගේ .ඇයි අදාළ බලධාරීන්ට මේ මංඋෂ්යාඅ ගැන සම්පූර්ණ වාර්තාවක් ඉල්ලන් බලලා...තීරණයක් ගන්න බැරි ?හැබැයි ඉතින් එහෙම කරන්න නම් කුඩු නවත්තන්නයි ,පාතාලේ නවත්වන්නැයි ...සැබෑ උවමනාවක් ඕනේ
මෙයා කලක් හොඳ නිලධාරයෙක් වෙන්න ඇති. හැබැයි දැන් නෑ. දැන් විශ්වාස කළ නොහැකි.තැනකයි ඉන්නෙ
ට්‍රැක් ලන්තේ විහිලු
හායි හායි මෙයා ඉන්නේ එයාත් එක්කලු එම රටේ මිනිස්සු කියවනවා දැක්කාලු
ජොබ්ලස් රාලහාමි හිතන්නේ ප්‍රංශයේ ඉන්න මිනිහෙක්ව කනෙන් අල්ලලා සුදු වෑන් එකකට දාගෙන ලංකාවට අරන් එන්න පුළුවන් වගේ….
දැන් ප්‍රසිද්ධියේ මෙහෙම ප්‍රකාශ කරොත් ජීවිත අවදානම් නැද්ද ?
මෙයත් කංජිපානිගේම ඉත්තෙක් තමයි. වසන්තයියා මදූෂ්ගේ ඔත්තුව දුන්නා කියලා මෙයා තමයි ප්‍රංශයේදී කන්ෆර්ම් කරලා තියෙන්නේ…
අප්පච්චිගෙයි නාම්බගෙයි තව මැති ඇමතිවරු ගොඩ දෙනෙක් කැරෝකේ කෙල්ලෝ එක්ක වැරදි ලෙස හැසිරෙන වීඩියෝ බඩුපොට් වසන්ත ළඟ තියෙන නිසා ජුන්ඩා බන්දු ගහපු ගෙමක් මේක. පාස්කු 2 කිව්වත් හරි. චන්දෙ ලංවෙනකොට පාස්කු 8 විතර තියෙයි