(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානී ඉම්රාන් හා මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමති සිරකරුවන්ගේ සිරකුටිවල සඟවා තිබී ජංගම දුරකථන දෙකක් හා සිම්පත් දෙකක් අද (7) අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය පවසයි.
බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ කළ හදිසි වැටලීමේ දී කංජිපානී ඉම්රාන් නැමති මත්කුඩු ජාවාරම්කරුගේ සිරකුටියේ ඔහුගේ රෙදිපිළිවල ඔතා තිබී එක් දුරකථනයක් හා සිම්පත් දෙකක් ද පොට්ට නව්ෆර් සන්තකයේ තිබී අනෙක් දුරකථනය හා සිම්පත් දෙක ද සොයා ගනු ලැබූ බව බන්ධනාගාර ප්රකාශකයෙක් ප්රකාශ කළේය.
කංජිපානි ඉම්රාන් නැමැත්තා අධිකරණ කටයුත්තක් සඳහා කොළඹට රැගෙන විත් ඇති අතර එම කාලය තුළ ඔහුගේ සිරකුටිය දැඩි පරික්ෂාවට ලක්කර ඇතැයි ද එම ප්රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ හා අනිකුත් සිර ගෙවල්වල ආරක්ෂාව මදි කියලා නේද බුස්සට අරන් ගියේ? බලාගෙන යද්දී එතනත් ආරක්ෂාවක් නැහැ නේද? ආරක්ෂාව තියනවානම් නීති විරෝධී භාණ්ඩ ඇතුලට ගෙනියන්න බැහැ නේද? දුෂිතයෝ කොතනත්...... ලොකු තැන ඉඳලා සුද්ද කරන්න. කිසිම අයකුට බන්ධනාගාරය තුළට මොනයම්ම අයුරකින් ජංගම දුරකථන ගෙනයාම තහනම් කරන්න. හැම නියාමක නිලධාරීන් සිටින කුටි තුළට මීටර් සහිත ස්ථාවර දුරකථන සවිකර තමන් ලබාගන්නා ඇමතුම් වලට සහනදායි අයකිරීම් ක්රමවේදයක් ඇති කිරීමෙන් මෙම ප්රශ්නය යම්කිසි තරමකට හෝ පාලනය කරගත හැක.
සමහරවිට සී.ඩී. තැටිත් තියෙන්න පුළුවන්. කොහොම වුණත් ඔය හොයාගත්තු ජංගම දුරකථනවල සංවාද නම් අපට කිසිදවසක දැනගන්නවත්, අහන්නවත් ලැබෙන්නේ නෑ. ඒවා රාජ්ය රහස්. රන්ජාගේ කතා මොනවද කියලා හිතෙයි සමහරවිට ඒවා අහන්න ලැබුණොත්...
මේ ගොල්ලොත් හිරේ දැම්මේ රන්ජන්ද දන්නේ නැහැ නේද? එහෙනම් වැඩි දවසක් නොගිහින් නිදහස් වෙයි.
ඔච්චර තාක්ෂණය දන්න රටේ, ජැමර් ටිකක් බන්ධනාගාරවල හයි කරන්න එකෙක් නැහැනේ...