ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාංචන රත්වත්තේ මහතා පත් කරනු ලැබ ඇත.
මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ.

වෘත්තියෙන් නීතිඥවරයකු වන රත්වත්තේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීති උපාධිය ලබාගෙන ඇති අතර අපරාධ, වාණිජ සහ සිවිල් නඩු විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් පෙනී සිට ඇති ප්රමුඛ පෙළේ නීතිඥවරයෙකි.
ඔහු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා තත්ත්ව ආයතනයේ සභාපති සහ ලංකා නැව් සංස්ථාවේ සභාපති ධුරය ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත.
හෙතෙම තොරතුරු තාක්ෂණ, මෘදුකාංග සංවර්ධන, සුරැකුම්පත්, රක්ෂණ යන ක්ෂේත්රවලට අයත් පෞද්ගලික අංශයේ සමාගම් රැසක් අධ්යක්ෂ මණ්ඩලවලද කටයුතු කර ඇත. රත්වත්තේ මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්වත්තලා ගැන හොඳට මෑත ඉතිහාසය විමසා බලන්න.
ඇයි මේ හැම එකටම නීතිඥයෝ දාන්නේ? ඔය යක්කුන්ගේ කියවිල්ලයි, පණ්ඩිතකමයි හැරෙන්න වෙන හැකියාවක් නෑ. මේකද විද්‍යාත්මක පත්කිරීම. කොටින්ම මේ අය කර්මාන්ත හා තාක්ෂණ අංශයේ කිසිම තනතුරකට සුදුසු නෑ.
කමනිගේ කතාව ඇත්ත. මහින්ද මහත්මයාට කියන්න තියෙන්නේ අහක යන නයි ඇඟේ දාගෙන මේ සැරෙත් කනවෝ කනවෝ කියන්න එපා. අපිට නම් බෑ ආයේ කට්ට කන්න...
කෙහෙන් ගියත් අන්තිමට එන්නේ පරණ කට්ටියම තමයි.
මේ හාදයා ගැන අප කිසිවක් නොදනී. වැඩි විස්තර සඳහා සූත්තර පුංචාගෙන් විමසීමෙන් පිළිතුරු ලබාගැනීමට හැකි වෙයි.