IMG-LOGO

කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා

( කීර්ති ප්‍රනාන්දු)

ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති  විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100  දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය  කියයි.

එහි උසස් සෞඛ්‍ය නිලධාරියෙකු පැවසුවේ ඉකුත් 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇති බවයි.

මෙසේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වන රෝගීන් ගෙන්   30   දෙනකු මේ  වන විට  හඳුනාගෙන ඇති බවත් අනෙක් පිරිස් ඔවුන්ගේ නිවෙස් ද වසා දමා සෞඛ්‍ය නිලධාරීන්ට මගහැර ගොස් ඇතැයි  සෞඛ්‍ය නිළධාරින් පවසයි.

මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව  මත  නර්තනයේ යෙදුණු පිරිසක් විවාහ මංගල උත්සවය පසු වී දින කීපයකින් කොරෝනා ආසාදිතයන් ලෙස පළමුවෙන්ම   තහවුරු වී   ඇතැයි හදුනාගෙන තිබිණි.

විවාහ මංගල සාදයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බවත් අනෙක්  ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මා ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බව ද  කාටාන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල උසස් නිලධාරියකු පැවැසීය. 



අදහස් (1)

කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා

Siri Thursday, 27 January 2022 08:47 AM

මේ උත්සවයට කොවිඩ් ඇමැති ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගි වෙලා නැතිද? (මම නිකමට අහන්නේ එයත් කටානේ නිසා...)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site